මේ මොහොතේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍යතාවක් මතු නොවේ යැයි අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව අප දැඩි කනගාටුවට පත්ව සිටිමු. එම ප්‍රකාශය මෙම පනතේ ප්‍රතිසංස්කරණය කරා යන දීර්ඝකාලීන ගමන්මග හදුනාගැනීමට අසමත් වීමකි. දශක ගණනාවක සිට මුස්ලිම් කාන්තාවන් හා කණ්ඩායම් විසින් මෙම පනතේ විපාකයක් ලෙස මුස්ලිම් කාන්තාවන්, ගැහැණු දරුවන් හා පවුල් අත්විදින දැඩි වෙනස්කොට සැලකීම් හා හානි පිළිඹිබු කර ඇත. වත්මන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා කාති උසාවි පද්ධතිය යටතේ වෙනස්කොට සැලකීම හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් හා ගැහැණු දරුවන් දිනපතා මුහුණ දෙන බරපතල බලපෑම් අමාත්‍යවරයාගේ ප්‍රකාශය මගින් බැහැර කරයනු ලැබේ.
අප විසින් හේරත් අමාත්‍යවරයාට සිහිපත් කරනුයේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ ශ්‍රී ලංකාවේ තවමත් ළමා විවාහ නීත්‍යනුකූල බවය. එනම් අද වන විටත් මුස්ලිම් දරුවන්ට වෙනත් ආගම් වලට අයත් ඔවුන්ගේ සමකාලීනයන් භුක්ති විඳින අයිතිවාසිකම් ඒ සැටියෙන් නොමැති බවයි. ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරන ලද විවිධ අන්තර්ජාතික මානව හිමිකම් සම්මුතීන් වලට අදාළනෛතික බැඳීම් ඉටු කිරීමට මෙම නීතිය අපොහොසත් වන බැවින් මෙය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය වගකීම සම්බන්ධ ගැටලුවකි. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි තවත් එවැනි වෙනස් කොට සැලකීමේ ගැටළු රාශියක් තවමත් පවතී.
ශ්‍රී ලංකාව පුරා සිටින මුස්ලිම් කාන්තා කණ්ඩායම් විසින් මේ වන විට වසර 40 කට වැඩි කාලයක් තිස්සේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීමට අධිවාචනය කර ඇත. 1956 වසරේ සිට ඒ ඒ රජයන් විසින් පත් කල විවිධ කමිටු මගින් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇත. බහු විවාහ සහ කාති උසාවි පද්ධති යන කරුණු දෙක මතභේදාත්මකව පැවතියද, ආගමික විද්වතුන්, මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයන් සහ මුස්ලිම් කාන්තා කණ්ඩායම් සමඟ පැවති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සම්පාදනය වූ පනත් කෙටුම්පත දැනට අධිකරණ අමාත්‍යංශය සතුව ඇත.
හේරත් අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගය මෙම ඉතිහාසය සහ ප්‍රගතිය ප්‍රතික්ෂේප කළහොත් දශක ගණනාවක උපදේශන සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය අහිමි වනු ඇත. බොහෝ දුෂ්කරව සහ පරිශ්‍රමයෙන් ලබාගත් මෙම ජයග්‍රහණ කිසිඳු පුද්ගලයෙකු හෝ දේශපාලන පක්ෂයක් විසින් ආපසු හැරවීම අපට අනුමත කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවන්හි ගතානුගතික පුරුෂයන් විසින් නීති සම්පාදකයින්ට කරන ලද බලපෑම් නිසා ප්‍රතිසංස්කරණ සඳහා පෙර පැවති සියලු උත්සාහයන් වැලැක්වී ඇත. එම නිසා ජාතික ජන බලවේගය සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් තිරය පිටුපස ගනුදෙනු වලට නැඹුරු නොවිය යුතුය.
මුස්ලිම් පුද්ගල නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම (MPLRAG) සහතවත් කාන්තා කණ්ඩායම් කිහිපයක් මුස්ලිම් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට වෙනස්කොට නොසැලකීමේ සහ සමානාත්මතාවය පදනම් කරගෙනමුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කරන ලෙස නැවත නැවතත් සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇත. මෙම පනතේ සියලුම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන්හි මුස්ලිම් කාන්තා සහ ළමා අයිතිවාසිකම් මත කේන්ද්‍රගත විය යුතු බව අපි නැවත අවධාරණය කරමු. මේ රටේ මුස්ලිම්වරුන් ලෙස අපට අපේම පවුල් නීතියකට අයිතියක් ඇතත්, ආගමේ, සම්ප්රදායේ හෝ සංස්කෘතියේ නාමයෙන් අපගේ මානව හිමිකම් කිසිවිටෙක උල්ලංඝනය කළ නොහැකිය.
සමානාත්මතාවය සහ වෙනස්කොට නොසැලකීම සහතික කිරීම සහ හානි වැළැක්වීම සඳහා ජාතික ජන බලවේගය සැමවිටම සිය සහාය සහ පිළිගැනීමක් ලබා දී ඇත. සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම මෙම පක්ෂයටද මුස්ලිම් විවාහ හා දික්ක්සාද පනතෙහි ගැටළු පිළිබඳව දැනුම් ඇත. එබැවින් හේරත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් ජාතික ජන බලවේගය විසින් ලබාදිය යුතුය. ජනාධිපතිවරණයේදී ප්‍රතිඥා දුන් සහයෝගයට මෙන්ම ඉදිරි මැතිවරණවලදී මේ රජයට ලබාදිය යුතු සහයෝගයටද මෙය අදාළ ප්රශ්නයකි.
ශ්‍රී ලංකාවේ වත්මන් රජයෙන් හා ඉදිරියට පත්වන්නාවූ රජයෙන් අප ඉල්ලා සිටින්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණය ප්රමුඛ කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් ගැටළුවක් ලෙස සළකා ක්‍රියාකරන ලෙසයි.